කහවත්ත පුරාණ විහාරස්ථානයේ සංවිධානය කර තිබූ පෙරහරකදී පසුගියදා සිදු වූ අලි කුලප්පු වීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි පොලිස් නිලධාරියෙකු අද (12දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩවලව පොලීසියට අනුයුක්තව රාජකාරී සිදු කළ ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචි පේමරත්න (35348) නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
මියගිය පොලිස් නිලධාරියා අලි කුලප්පුව සිදු වු අවස්ථාවේ ජනතාව බේරා ගැනීම වෙනුවෙන් ක්රියා කර ඇති අතර එහිදී බරපළ තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කොට ඇති අතර දින 11ක සිට ප්රතිකාර ලබමින් සිටියදී අද අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධියෙන් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.

නිවිතිගල - හසල බුද්ධික