කුෂ් නැමැති ගංජා තොගයක් කටුනායක දී රේගු අත් අඩංගුවට
රුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා තොගයක් පාර්සල් 03 ක් ලෙස සකස් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 8/20 දින අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
බිස්කට් පැකැට්ටුවක සහ ජංගම දුරකථන හැඩයෙන් යුතු විශබීජ හරණ උපකරණ සේ පෙනෙන අයුරින් මෙම ගංජා තොගය කටුනායකට එවා තිබුණේ රේගු අවධානය වෙනතකට යොමු කිරීමේ අදහසින් බව රේගුව අනාවරණය කර ගෙන තිබේ .
පසුගිය සති කීපය තුළ රේගුව විසින් එකතු කළ බුද්ධි තොරතුරු මත පදනම් වෙමින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
මේ වනවිට මෙම ගුවන් පාර්සල් භාර ගැනීමට කිසිදු පුද්ගලයෙකු කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ නොමැත .
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

