කවුරු පාලනයට ආවත් රට බංකොලොත් වෙනවා
කුමන පුද්ගලයෙක් රටේ පාලනයට පැමිණියද ඉදරි වසර දෙක තුළ රට බංකොලොත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වන විට පුද්ගලයන් 14ට එක් රාජ්‍ය සේවකයෙක් බවට පත්ව ඇති බවත් එයද රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
දියුණු රටවල පුද්ගලයන් 100කට එක් රාජ්‍ය සේවකයෙක් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉදිරියෙදී රට සැලැස්මක් ඇතිව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

popular news
-
rocky Tuesday, 02 April 2019 06:08 AM
ඔවු මහත්තයෝ. ඔය කවුරුත් එකතුවෙලා රට හූරන් කාලා!
Reply : 0 0
Champa Tuesday, 02 April 2019 09:42 AM
රජයේ සේවකයා බරක් විදිහට පේන්නේ ආණ්ඩුව වැඩ දන්නේ නැති නිසා. වැඩ කරන ආණ්ඩුවක් නම් රජයේ සේවකයෝ ඕනේ හැටියේ වැඩ කරයි. දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට වැඩ නැහැ. අමාත්‍යංශ ලේකම්ලට දෙපාර්තුමේන්තු ප්‍රධානීන්ට වැඩ නැහැ ඒ මොකොද ලේකම්ගේ වැඩ ටික එක්කෝ ජනාධිපති නැත්නම් අගැමති ඒත් නැත්නම් ඇමතිල කරනවා. ඒ මොකොද මේ ජනාධිපති සහ අගමැතිට දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ඒ නිසා ඒ ගොල්ලෝ රජයේ සේවකයන්ගේ වැඩ කරනවා.
Reply : 1 0
Champa Tuesday, 02 April 2019 11:34 AM
රට බංකොලොත් කරපු සිරිසේන වගේම අමරවීරත් ඒ පාපේ කොටස් කාරයෝ. දැන්වත් තේරෙනවද දන්නේ නැහැ සිරිසේනගේ රඟපෑම. මම කියන්නේ සිරිසේන අදින්නේ UNP එකට මිසක් ශ්‍රීලංකා එකට නෙමෙයි. මේක කලිනුත් කියන්න හිටිය. මම බලාගෙන හිටියේ සිරිසේන කැබිනට් එකේ කරපු වෙනස් කම් ගැන. කරන තරමක් වෙනස් කලේ ශ්‍රීලංකා එකේ ඇමතිවරුන්ව. විශේෂයෙන් ටිකක් හරි හොඳට වැඩ කරන ආපු ශ්‍රී ලංකා ඇමතිලා වෙනස් කරා සැරින් සැරේ. උදා: විදිහට මහින්ද අමරවීරගෙන්ම පටන් ගත්තොත්. අමරවීර මුලින්ම ධීවර ඇමති වෙලා නේද හිටියේ. මුල අවුරුදුද්දේ මුකුත් කලේ නැහැ. හැබැයි ඊට පස්සේ ධීවර අමාත්‍යංශයේ වැඩ ගොඩක් කරන්න පටන් ගත්ත. එහම වැඩ කරගෙන එනකොට එක පාරට කිසි හේතුවක් නැතුව ධීවර අමාත්‍යංශයෙන් අයින් කරලා කෘෂිකර්ම අමාත්‍යංශේ දුන්න. ඒකෙත් හොඳ වැඩක් දෙකක් පටන් ගත්ත. මුරුංග වැඩේට මම බැන්න. නමුත් අනිත් ඒවා, වස විස නැති වී, තව මොනවාද අලුත් වී හඳුන්වා දුන්න. තව මොන මොනවාද කළා. කොහොම හරි හොඳට වැඩ කරගෙන එනකොට ජාතික ආණ්ඩුව පිටින් දාල ඇමතිකම් ටික නැති කළා. ඕගොල්ලෝ මස්කටු ගත්තට රටම තරහ බව ඇත්ත. හැබැයි මම මේ කියපු දේ ගැන හිතල සිරිසේනට වහල්කම් කරන එක නවත්තන්න. මුළු රටම විරුද්ධ මි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

