කොවිඩ් වසංගතය පාලනයේ දී අප ලොව කිසිදු රටකට දෙවැනි නෑ
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ඇතැම් අය කරනු ලබන ඉල්ලීම මත ඔවුන්ගෙන් මුදල් අයකිරීමේ පදනම මත හෝටල් වල නැවතී නිරෝධායනයට යොමු කරවන බවත් මෙලෙස යොමු කරවන අයට ආහාර සැපයීමේ දී නොයෙක් අඩුපාඩු ඇතැම් හෝටල් විසින් සිදුකරන බවට චෝදනා එල්ල වන බවත් නිරෝධායනයට ලක්ව සිටින පිරිස් මගින් යම් මුදලක් උපයා ගැනීමට අවස්ථාව රජය ඔවුන්ට ලබාදී තිබියදී රජයේ කොන්දේසි කඩ නොකර නිරෝධායන ලක්වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ මහතා එම ඉල්ලීම කර සිටියේ ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අද (27) මහනුවර කැන්ඩි සිටිසෙන්ටර් හිදී පැවති උත්සවයකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි .
එහිදී යුද හමුදාපතිවරයා මෙසේද පැවසීය .
කොළඹ වරායට පැමිණ ත්‍රිකුණාමලය වරාය වෙත ගමන් කරමින් තිබූ තෙල් නැවේ කාර්ය මණ්ඩලයේ දහතුන් දෙනෙකුට කොවිඩ්19 ආසාදිත බව තහවරු වීමෙන් පසු එම නැවට කොළඹ වරායේ දී රාජකාරි සඳහා ඇතුළු වූ ශ්‍රී ලාංකික නිලධාරීන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල් වල උදවිය නිරෝධායනයට යොමුකළා . නාවිකපයිලට් වරුන් දෙදෙනෙකු වෛද්‍යවරයකු ඇතුළු පස් දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එලෙස නිරෝධායනයට යොමු කිරීමට සිදුවුණා.
නැවේ කාර්ය මණ්ඩලය කොවිඩ් 19 පළමු පරීක්ෂණයට යොමු කළ අවස්ථාවේ ඔවුන්ට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වුණා .
මෙරටට පැමිණි රුසියානු ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවට පළමු පි.සි.අර්.පරික්ෂාවෙන් තහවුරු වුවත් දෙවන පි.සි.ආර්. පරීක්ෂණයෙන් එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකළ නිසා ඔහු රටින් පිටත් කර හැරීමට පියවර ගත්තා .
කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී අප රට ලෝකයේ වෙනත් කිසිදු රටකට දෙවැනි නොවන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් අවධානය කර සිටියේය .
ෂේන් සෙනෙවිරත්න

popular news
-
Dosir ma thama Monday, 28 September 2020 05:21 AM
Karana deyak eka vidihara sadaranawa karapallla. Weli weli thiyena hotal karayin ekka jawaram nokara. Standard rate ekak thiyaganilla. Ekata galapena ha dena hotel vitharak ganillila. Denne nathrhan janadhipathi balathala pawichchi koranawa. Eka parisara vinashayata ganne nathuwa. Mama danna kandayam thunakata rate thunak. 12500, 6500, 15000. Ubalage ata mirikana jawaram karayo ekka hodda bora karagena. Army kollanwa dala wada ganne. Bila kapanawa balu widihata. No normal facility to maintain.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

