කොවිඩ් පිළිබඳ වැරදි කරුණු පැතිරූ යූටියුබ් පුවත්වලට වැට
කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් වැරදි තොරතුරු පැතිරවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රියතම මාධ්‍ය ආයතනයක් වන වන් ඇමෙරිකා ප්රවෘත්ති ජාලයේ යූටියුබ් අඩවියෙහි පළවන වීඩියෝ තාවකාලිකව තහනම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති යූටියුබ් ජාලය පෙන්වා දෙන්නේ එම තහනම සතියක කාලයක් පවතින බවය.
"සුපරීක්ෂාකාරීව සමාලෝචනය කිරීමෙන් පසුව, අපි වන් ඇමෙරිකා හි වීඩියෝවක් ඉවත් කර අපගේ කොවිඩ්-19 වැරදි තොරතුරු පැතිරවීමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නාලිකාවට තහනමක් නිකුත් කළා. එහි වීඩියෝවකින් කොවිඩ්-19 සඳහා සහතික කළ හැකි සුවයක් ලබාදෙන ප්‍රතිකාරයක් ගැන ප්‍රකාශ කර තිබෙනවා."
"මීට අමතරව, අපගේ Covid-19 වැරදි තොරතුරු ප්‍රතිපත්තිය සහ සමගාමී නාලිකා මූල්‍ය ප්‍රතිපත්ති නැවත නැවතත් උල්ලංඝනය කිරීම හේතුවෙන්, යූටියුබ් හි හවුල්කාර වැඩසටහනෙන්වලින්ද මෙම නාලිකාව අත්හිටුවා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් ඉපයීම්ද අත්හිටුවෙනවා."
ලොව සමාජ ජාලා විසින් දැනටමත් කොවිඩ්-19 සම්බන්ධයෙන් වැරදි තොරතුරු සැපයීම සම්බන්ධයෙන් දැඩි ප්රතිපත්තියක කටයුතු කරන අතර, ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරන සමාජ ජාලා අඩවි සහ නාලිකා දිගින් දිගටම නිරීක්ෂණය කරමින් ඒවාට දඬුවම් පමුණුවමින් සිටියි.


popular news
-
Kumar Wednesday, 25 November 2020 08:08 AM
This was a good move. Unlike in Sri Lanka even the President tweets are flagged if they promote fake news. President's recent tweet claiming victory at the election was flagged as "officially determined otherwise".
Reply : 0 0
Kumar Wednesday, 25 November 2020 08:08 AM
This was a good move. Unlike in Sri Lanka even the President tweets are flagged if they promote fake news. President's recent tweet claiming victory at the election was flagged as "officially determined otherwise".
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

