කොවිඩ් ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (13දා) පෙරවරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි.
කොවිඩ් 19 වැළැක්වීමේ ජනපති කාර්ය සාධණ බළකාය අතර පැවැත්වෙන මෙම සාකච්ඡාවට මැති ඇමතිවරුන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ පෙරේදා දිනයේදී වාර්තා වූ අතර ඊයේ දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියේය.
මේ වන විටත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර ඔක්සිජන් මත යැපෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාවද සීඝ්‍ර යෙන් වර්ජනය වී තිබේ.
popular news
-
තිලක් බස්නායක Friday, 13 August 2021 03:51 PM
මම නම් කියන්නේ සුමාන දෙකකටවත් මුලු රටම වහන්න ස්තූතියි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

