කලාඔයේ ජල මට්ටම ශීඝ්ර ලෙස ඉහළ යාමත් සමග වනාතවිල්ලුව එළුවන්කුලම විල්පත්තුව පිවිසුමේ පිහිටි නාවික හමුදා අණු ඛණ්ඩය හා වනජීවි කාර්යාල නිලධාරීන් තාවකාලිකව ඉවත් කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි .
දිගින් දිගටම පවතින අධික වර්ෂාව හා රාජාංගණ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග පුත්තලම මන්නාරම මාර්ගයේ ක්රොස්වේ සපත්තු පාලම ආසන්නයේ අද (21) දින වනවිට අඩි 8 කට ආසන්න ජල කඳක් ගලා යමින් පවතින බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ හේතුවෙන් ක්රොස්වේ නාවික හමුදා අණු ඛණ්ඩයේ සිටි භට පිරිස් ආසන්නයේ පිහිටි ගඟේ වාඩිය කඳවුරට කැඳවා ඇති අතර විල්පත්තුව එළුවන්කුලම පිවිසුමේ පිහිටි වනජීවි කාර්යාලයේ රාජකාරි කල නිලධාරින්ද පොම්පරිප්පු හා මුල්ලිකුලම් වනජිවි කාර්යාල වෙත කැඳවා ඇති බව පැවසේ.
කෙසේ නමුත් දිගින් දිගටම පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ ජලයෙන් යටවිමත් සමග සම්පුර්ණයෙන් ගමනාගමන කටයුතු තහනම් කර ඇති බව පුත්තලම ආපදා කළමනකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ.එම් .ආර්.එන්.කේ. අලහකොන් මහතා පැවසිය.
පුත්තලම - හිරාන් ප්රියංකර

