ADA
www.ada.lk
2026 ජනවාරි මස 05 වන සඳුදා
කලාවැවේ සිටින මසුන් දහස් ගණනින් මියගොස් ගොඩගසා ඇති අකාරය මේ දිනවල දැකගත හැකි අතර, එමෙන්ම මියගිය මසුන් අවට ජනතාව පැමිණ ආහාර සඳහා රැගෙන යන බවද ප්රදේශවාසීහු සඳහන් කරති.
එමෙන්ම වැව අවට මියගිය මසුන්, කොක්කු, දියකාවන් ගේ සිරුරු කොටස්ද දැකගත හැකි අතර, මේවා කුණුවී ප්රදේශය පුරා දැඩි දුර්ගන්ධයක්ද පවතින බව ඔවුහු පවසති.
අලුයම් කාලයේ යතුරුපැදිවලින් හා පයින් පැමිණෙන පිරිස් මෙසේ ගොඩගසා ඇති මසුන් මලුවල දමාගෙන රැගෙන යන ආකාරය එහි ගිය අපට දැකගත හැකිවූ අතර , ඔවුන් පැවසුවේ මේ මසුන් වියළා ආහාරයට ගැනීමට හැකි බවය.
එමෙන්ම මේ මසුන් ආහාරයට ගැනීමට බලු, කපුටන් ආදී සතුන්ද කලාවැව අවට එක්රැස්වී සිටිනු දැකගත හැකිය.
කලා වැවේ මේ ආකාරයෙන් ලක්ෂ ගණනන් මසුන් මියයන්නේ කෙසේද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැති අතර, මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු නොකළහොත් මසුන් ආහාරයට ගන්නා ජනතාවටද හානි දායක විය හැකි බව ප්රදේශවාසීහු පවසති.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට මාර්ගය වසර 6ට පසු විවෘත කරයි
ලාෆ් නව අවුරුද්දට දුන් තෑග්ග
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්රසාදය
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්රාම ගැනීම නිවේදනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd