කලාවැවේ සැඟවුණු දීගදන්තු
කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන දීගදන්තු නමැති හස්තියා පිළිබඳ තොරතුරු දින 10ක කාලයක සිට වාර්තා නොවූ බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසයි.
ඉකුත් 18 වැනිදා හස්තියාගේ වම් පාදයකට වෙඩී වැදී බරපතළ තුවාල සහිතව සිටියදී වනජීවී නිලධාරීන් මැදිහත්ව ප්‍රතිකාර කර ඇති අතර ඉන්පසු දින කිහිපයක් වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම හස්තියා සිට තිබේ.
එහෙත් යළි හස්තියාට ප්‍රතිකාර ලබා දීම සඳහා පසුගිය සිකුරාදා (22දා) වනජීවී නිලධාරීන් සූදානම්ව සිටියද ඔවුන්ට හස්තියා සොයා ගැනීමට නොහැකිව තිබේ.
කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතයේ සහ ගල්ගමුව, රැස්වෙහෙර ප්‍රදේශවලත් මෙහෙයුම් සිදුකළද දීගදන්තු හස්තියා සොයා ගැනීමේ මෙහෙයුම් අසාර්ථක වී තිබේ.
ඒ අනුව අද (28දා) පොලිස් විශේෂ බළකායේද සහාය ඇතිව හස්තියා සෙවීමේ මෙහෙයුම් වනජීවී නිලධාරීන් විසින් සිදුකර තිබේ.
කෙසේ නමුත් මේ වනතුරු හස්තියා පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බව මෙහෙයුමේ නිරත නිලධාරීන් පවසයි.
කලාවැව වනෝද්‍යානයේ සිටින දැවැන්තම හස්තියා සහ දිගින් වැඩිම දළ යුගලක් සහිත හස්තියා දීගදන්තු වන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.





එස් . කරුණාරත්න
-
Champa Thursday, 28 June 2018 07:59 PM
මේ ඇත්තටම එයාගේ පින්තූරයක්ද? ඇස් වහක් කට වහක් වෙන්න එපා. A majestic tusker! බලන්න ලස්සනයි. දැන් මේ මොකක්ද කියන්නේ. ඇතාව හොයා ගන්න බැහැ? ඇයි (යකුනේ) කකුලට වෙඩි වැදිලා බරපතල තුවාල තිබුණු මේ අලියා ගැන ඇහැ ගහගෙන ඉන්න එපෑය නේද? ආගිය අතක් නැහැ කියන්නේ? දවස් දහයක් තිස්සේ හොයා ගන්න බැහැ කියන්නේ? අලියෙකුට නිකම් යන්න පුලුවන්ද? අලියා ගියපු පාරක් ඇතිනෙ. වතුර බොන්න එන තැනක් ඇතිනේ. තුවාල වෙච්ච ඇතෙක් නම් වැඩිදුර යන්න විදියක් නැහැනේ. දිගම දල දෙක නම් ඉතින් අහිංසක සතාගේ ජීවිතෙත් අනතුරේ. මේ කාලේ තරම් ඇත්තු මරුනේ නැහැ වෙන කොයි කලෙකදිවත්. දේවානම්පිය තිස්ස රජ්ජුරුවෝ තමයි ලෝකේ පලවෙනි සත්ව අභය භූමිය හැදුවේ අම්බස්තළාව වනන්තරේ. හැබැයි මරණ තරමක් සත්තු මරන්නේ වෙඩි තියන්නේ රක්ෂිත වනාන්තරවලමයි
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

