කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, පල්ලිවාසල් තුරේ පෙරිය සන්ධි ග්‍රාමයේ පිහිටි, ජුසේ වාස් රෝමාණු කතෝලික දේවස්ථානයේ ගබඩා කාමරයක අද (27 ) උදෑසන හදිසි ගින්නක් ඇති වි ඇතැයි, කල්පිටිය පොලීසිය පවසයි.
එම ගින්න හේතුවෙන් එහි තැන්පත් කර තිබූ වටිනා දැව කරත්තයක්, වතුර පොම්පයක්, කොඩි රැසක් ඇතුළු ද්‍රව්‍ය රැසක් මෙම ගින්න හේතුවෙන් විනාශ වි ඇත.
අද දින අලුයම පල්ලිය දෙසින් යමක් පිපිරෙන හඬ, ඇසුණු බවත්, වහාම පැමිණ බලන විට, ගබඩා කාමරය තුළ ගින්නක් ඇතිව ඇති බැව් තමා දුටු බව, අසල්වැසියෙකු වූ ජේ.ඒ.ඩී.ශ්‍රීමාල් පවසයි.
පසුව දේවස්ථානයේ සීනුව නාද කොට, පිරිස රැස්කර ගින්න නිවාදමා ඇත.
දේවස්ථානයේ භාරකරුවන් වූ ජූඩ් නිලන්ත සහ උපාලි ඇන්තනි පැවසුවේ සිදුවූ පාඩුව ලක්ෂ තුනකට අධික බව ය.
ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අණාවරණය වි නැති අතර, පුත්තලම අපරාධ කොට්ඨාසයේ ස්ථානීය පරීක්ෂණ (සොකෝ ) ඒකකය ද පැමිණ පරීක්ෂණයක් අරඹා තිබිණි.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
කල්පිටිය - කුමාරි කොට්ටහච්චි
