කලක පටන් මස් ඡාවාරමේ යෙදුණු පිරිසක් අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේදි අත්අඩංගුවට
ටී 56 ජිවඋණ්ඩ 63ක් , බෝර 12 තුවක්කුවක් ද ඒ සදහා භාවිතා කරන පතුරම් 10ක් , හක්කපටස් 03 සහ වේලන ලද මුව මස් කිලෝ 3ක් ද යුද හමුදා ඇඳුමක් ඇතුළු උපකරණ රැසක් සමග එක් පුද්ගලයෙකු අද (04) දින අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේදි අත්අඩංගුවට ගත් බව නිකවැව වනජිවි බිට්ටු කාර්යාල නිලධාරිහු පවසති.
අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයට අයත් නිකවැව පිහිටි වනජිවි බිට්ටු කාර්යාලයට ලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදු කර තිබේ. එහිදි පොළොන්නරුව වනජිවි කාර්යාලයේ නිලධාරින් සහ අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ නිකවැව කාර්යාලයේ නිලධාරින් සමග එක්ව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයට ඉතා රහසිගත ලෙස ගොස් වැටලිම සිදු කල අවස්ථාවේ ටී 56 අවියක් ඇතැතිව පුද්ගලයන් තිදෙනෙකු පළාගිය බවත් එහි සිටි එක් පුද්ගලයෙකු පළා යන අවස්ථාවේ ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව එම ස්ථානය පරික්ෂා කිරිමේ දි එහි තිබි ටී 56 ජිව උණ්ඩ 63ක් , බෝර 12 තුවක්කුවක් ද ඒ සදහා භාවිතා කරන පතුරම් 10ක් , හක්කපටස් 03 සහ වේලන ලද මුව මස් කිලෝ 3ක් ද යුද හමුදා ඇඳුමක්, හක්කපටස් නැමැති මෙරට නිෂ්පාදනය කරන ලද බෝම්බ 04,ජංගම දුරකථන 05, විදුලි පන්දම් 05, බයිසිකල් බෝල 100ක් , වැහි ආවරණයක් (ටෙන්ට්) එකක් සහ පිහි වියළි ආහාර , ආහාර පිසින උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ජයන්තිපුර ට්‍රැක් 07 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් පළාගිය පුද්ගලයින් ද ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෝ බව හඳුනාගෙන තිබේ.
මෙම පිරිස කලක පටන් අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයට ඇතුල් වි එහි වන සතුන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරිම සිදු කරන බවට වනජිවි නිලධාරින් කල පරික්ෂණ වලදි අනාවරණ වි තිබේ.
පළාගිය සැකකරුවන් සොයා පරික්ෂණ අරබා ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරු ඇතුළු උපකරණ හෙට (05) දින පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කරන බව වනජිවි නිලධාරිහු පවසති.

popular news
-
leel gunawardena Wednesday, 04 December 2019 07:08 PM
මේ අමනුස්සයන්ට උපරිම දඬුවම් දිය යුතුයි එහෙම කලොත් තමයි අනික් අපරාධ කාරයන්ටත් පාඩමක් වන්නේ අහිංසක සතුන් ගාතනය කරන විට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

