කරුණා අම්මාන්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලීසිය හා උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්ත්වයක්
හිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා රණවිරුවන් ඝාතනය කලා යයි කියන ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා ජනතා අයිතීන් සුරැකීමේ සංවිධානය සීනිගම දේවාලය අභියස අද (21 ) පස්වරුවේ පැවැත්වීමට සංවිධානය කළ උද්ඝෝෂණයක් මීටියාගොඩ පොලීසිය මැදිහත්වී නවැත්වීමට කටයුතු කිරීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
විරෝධතා පුවරු ඔසවාගෙන උද්ඝෝෂණයේ යෙදීමට පිරිස සූදානම්වූ අවස්ථාවේදි එම ස්ථානයට පැමිණි මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතා ඇතුලු පොලිස් නිලධාරින් උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව පැවසීමත් සමගම දෙපාර්ශවය අතර කතාබහක් ඇතිවූහ.
අවසානයේදී තමන් නීතියට ගරු කරන බව පවසමින් උද්ඝෝෂණයට සහභාගීවූ පිරිස විසිර ගියහ.
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත, හික්කඩුව ඥාණදාස රම්මුතු )

popular news
-
Don Sunday, 21 June 2020 07:56 PM
When a murderer confesses killing thousands of military men, he must be arrested before any of the opposition members for minor complains. Where is this brave Rajapaksas and Attorney General who is aiming and ordering to arrest people as nonsense?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
