කිරිපිටි පිළිබඳව විදේශ රටක පරීක්ෂණ
ශ්‍රී ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මුදල් යොදවමින් විදේශයකදී පරීක්ෂණ සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය. අද (06දා) පාර්ලිමේන්තුවේදී ඔහුට යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
කිරිපිටිවල ගුණාත්මක භාවය පිළිබදව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රාශියක් ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් තමන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර බෙදීමක් ඇති කිරීමට ඇතැම් පර්ශ්ව කටයුතු කළ බවත් සෞඛ්‍ය ඇමති ඔහුගේ මතයත් තමා තම මතයත් පැවැසූ බව පැවැසීය.
popular news
-
batangala Wednesday, 06 March 2019 11:40 AM
ඔබතුම උගත් කෙනෙක් වගේම කොන්දක් ඇති කෙනෙක් බව අපි දන්නවා. රනිල් ගෙන් කපුනේ අර සිරස ඉන්ටවිව් එකදි කාලයකට පෙර එයාව කිච කරපු එකටද කියල හිතෙනවා. මේවා දැන් මිනිස්සුන්ට මතක නැහැ. කොහොම වුනත් පසුගිය ආණ්ඩුව මේ ප්‍රශ්නයට මුහුණදුන්න වෙලාවේ නවසීලන්තයට පවා ගිය මතකද? පස්සේ එහෙ අගමැති ලංකාවට ආව කොච්චර බිස්නස් එක ගැන උනන්දුද කියල එකෙන්ම තේරෙනවා. ප්රශ්නය සහ මුලින්ම යට ගැහුවා . කවුද රට ගියේ ඇමති කියල ඔබ දන්න්නවනේ ඔයගැන ඒකාලේ ප්‍රසිද්ද දොස්තර මහත්වරු ටීවී එකේ අනන්ත වත් වැඩ සටහන් තියල කිව්වා උදේට වතුර වීදුරුවක් පානය ක්‍රම ඔය "බෙඩ් ටී " එකට වඩා වටිනවා කියල. කොහොම වුනත් අපේ රටේ ජනාධිපති ඉඳලම පහලට ඉන්න එකෙක් වත් බහුජාතික සමාගම් එක්ක හැප්පෙන්න කැමති නැහැ. දැන් කිරි පිටි විකිනෙන්නේ නැතිව මාර්කට් එකේ පුරවර තියෙන නිසා උන්ට පිස්සු හැදිලා ඇති. අපි ඔය ටෙස්ට් එක කරනවානම් කරන ආයතනය අපිට ටෙස්ට් එකේ ප්‍රතිපලය ගැන 100% වග කියන බව සනාත කරගන්න. ඕක දැනගත්ත ගමන් කිරි මාපියාව උන්ව සල්ලිවලට ගනීවි.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

