කරාපිටියේ පිළිකා වාට්ටුවේ රෝගීන් 4කට කොවිඩ්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ලැබු රෝගින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (17) රාත්‍රියේ දි තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කාන්තාවන් තිදෙනා කඹුරුගමුව රෝහල වෙත හා පිරිමි පුද්ගලයා හම්බන්තොට රෝහල වෙත පිටත්කර යැවීමට කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. සැක සහිත තවත් රෝගින් තිදෙනෙකුගේ පී.සී.ආර්. පරික්ෂණ නැවත වතාවක් රසායනාගාර පරික්ෂණයට යොමුකොට ඇති බවද ඒ මහතා පවසයි.
56 වාට්ටුවට අලුත් රෝගින් ඇතුලත් කරගැනිම තාවකාලිකව නතරකොට ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිශානි උඹේසේකර මහත්මිය සඳහන් කළාය.
වාට්ටුව වසා දැමිමක් සිදුකොට නොමැති බව පවසන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය 56 වාට්ටුවට ඇතුලත් කරගන්නා නව රෝගින් වෙනත් වාට්ටුවකට ඇතුලත් කරගන්නා බවද පැවසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
