කොරෝනා වෛරසයේ උපරිමය දින 7 -10ත් අතර
නව කොරෝනා වෛරසය සතියකින් හෝ දින 10 කින් පමණ උපරිමයට පැමිණිය හැකි බව චිනයේ ප්රමුඛ පෙළේ ශ්වසන විශේෂඥවරයෙක් වන ෂොං නන්ෂාන් ෂින්හුවා පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
"උපරිම මට්ටමට ළඟා වීම නිශ්චිතවම තක්සේරු කිරීම ඉතා අපහසුයි. නමුත් මම හිතන්නේ සතියක් හෝ දින 10 ක් තුළ එය උච්චතම අවස්ථාව කරා ළඟා වෙනු ඇති. ඉන් පසුව විශාල පරිමාණයේ වැඩිවීමක් සිදු නොවනු ඇති" ෂොං පැවසීය.
කොරොනා වෛරසය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා පිහිටුවා ඇති ජාතික විශේෂඥ කණ්ඩායමක ප්රධානියා ෂොන්ග් වන අතර ඔහු චීන ඉංජිනේරු ඇකඩමියේ ශාස්ත්රඥයෙකි.
"වසංගතය මැඩපැවැත්වීම සඳහා මාර්ග දෙකක් තිබෙනවා. එකක් කල්තියා හඳුනා ගැනීම සහ අනෙක හුදෙකලා වීමයි. ඒවා වඩාත් ප්රාථමික හා ඵලදායී ක්රමයන් වෙනවා. ඔහු පැවසීය.
“දින දහයේ සිට 14 දක්වා කාලය හුදකලා කිරීම හා නිරීක්ෂණය කිරීම සඳහා හොඳ කාල පරිච්ඡේදයක්. පුර්ව ලියාපදිංචි තක්සේරු කාලය අවසන් වූ විට, අසනීප වූවන්ට කාලෝචිත ප්රතිකාර ලබා ගත හැකියි. නමුත් පරීක්ෂණ සහ හඳුනාගැනීමේ පියවර අඛණ්ඩව සිදුවිය යුතුය," ෂොං පැවසීය.
රෝහල්වල බෝවන රෝග විශේෂඥයින් යින් පමණක් නොව, රෝගීන් වඩා හොඳින් බේරා ගැනීම සඳහා දරුණු අවස්ථාවන්ට ප්රතිකාර කිරීමේ විශේෂඥයින් ද සිටිය යුතු බව ඔහු යෝජනා කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

