කොරෝනා වෛරසයෙන් අත්මිදේවා යැයි පතමින් බෝධි පූජාවක්
නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් සංවිධානය කිරිමට ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය සැලසුම් කර තිබේ.
එළැඹෙන බදාදා (02/05දා) සවස 5.00ට කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදී මෙම ආශීර්වාද බෝධි පූජාව පැවැත්විමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ස්වාභාවික විපත් වූ සුනාමි, ගංවතුර, නායයෑම් වලදී මෙන්ම යුධ බිය, ත්‍රස්තවාදී බෝම්බ ප්රහාරවලදීද චීනය සෑම විටම ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාවට ශක්තියක් විය.
මහජන චීන සමූහාණ්ඩුව හා එහි ජනතාව මුහුණ පා සිටින මෙම අපහසු අවස්ථාවෙදී ශ්‍රී ලංකාවද ශක්තියක් විය යුතු බව ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ තත්ත්වයන් මැඩපවත්වා හැකි ඉක්මිනින් චීනයට යථා තත්ත්වයට පත්වීමට හැකිවේවායි ආශීර්වාද කරමින් පවත්වන මෙම ආශීර්වාද බෝධි පූජාවට එක්වීමට කැමති සියල්ලන්ම සුදු වතින් සැරසී පැමිණෙන ලෙස එම සංසදය ජනතාවට ආරාධනා කරයි.

popular news
-
rocky Friday, 31 January 2020 03:27 PM
ආන්න එච්චරයි! ඕක මතක් වුනේ නැහැ නව, මීට ඉස්සෙල්ල. දැන් වත් ලෝක සවුක්ය සංවිධානයට දන්වන්න, ලොව පුරාම බෝධි පුජා තියන්න කියල. කාර්ය සාධක බලකායක් සහ මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් කෙනෙක් අපේ රටෙන් සපයන්න පුළුවනි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

