කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් 23 දෙනාගෙන් 11 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.
ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොසිටි බව තහවුරු වී ඇති අතර තවත් 12ක් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
කොරෝනා වෛරසය ආසාදනය වූ චීන සංචාරක කාන්තාව සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවත් ප්‍රධාන වසංගත රෝග විද්‍යා වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.