කොරෝනා ගැන ජනතාව දැනුම්වත් කිරීමට GMOA සැරසෙයි
කොරෝනා වෛරසය පිළිබඳව ජනතාව අතර අනිසි බියක් ඇතිවී තිබෙන බැවින් මෙම තත්ත්වය නැති කිරීමට ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුනොවන තත්ත්වයක් තුළ ජනතාව අනවශ්‍ය ලෙස මුඛ ආවරණ භාවිතා කිරීම හේතුවෙන් මුඛ ආවරණ හිඟයක් හා ඒ ආශ්රිත ජාවාරම් ක්‍රියා සිදුවෙමින් තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් මුඛ ආවරණ පැලඳිය යුතු රෝග තත්ත්වයක් ඇති වුවහොත් යම් බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවත්, නිරෝගී පුද්ගලයින්ට මුඛ ආවරණ භාවිත කළ යුතු බවට කිසිවෙකුත් ප්‍රකාශයට පත්කර නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

popular news
-
Don Friday, 31 January 2020 08:43 AM
WHO එක කොරෝනා වයිරසයේ භයානකකම කියා දෙනකොට ලංකාවේ GMOA ඒකට සුදුහුණු ගාන්න හදනවා. කොරෝනා වැළඳුන රෝගියෙක් රෝහලකට අතුල්වුනොත් ඔය GMOA එකේ ඉන්න අය එක්කෙනෙක්වත් කිට්ටුවෙන්නේ නෑ.තිත්ත ඇත්ත ඒකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

