කොරෝනා ගැන ඇත්ත කී වෛද්‍ය උදාර කොවිඩ් වාට්ටුවට දමයි
කොවිඩ් මරණ පිළිබඳව පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනතාව දැනුවත් කළ කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර ගුණවර්ධන මහතා එම රෝහලේ කෝවිඩ් වාට්ටුව වෙත මාරු කිරීමට එම රෝහලේ අධ්යක්ෂවරයා කටයුතු කර තිබේ.
සාමාන්‍යයෙන් කොවිඩ් වාට්ටුවකට වෛද්‍යවරයෙක් සේවා අනියුක්ත කිරීමේදී සතියකට වරක් හෝ සති දෙකකට වරක් අනියුක්ත කරනු ලැබුවත් වෛද්‍ය උදාර සම්පත් මහතා පසුගිය 18 දා සිට මාසයක කාලයකට එනම් සති හතරක කායලයකට ඔහු එම වාට්ටුව වෙත මාරු කර තිබේ.
“කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් ඉතාමත් මානුෂීය අයුරින් කටයුතු කළ හැකි ආකාරය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මෙරට ජනතාව නිරතුරුවම දැනුමත් කරමින් සිටින බැවින් ඔභගේ සේවය ඔබ ලබා ඇති අත්දැකීම්වලට අනුව කොරෝනා ආසාදිත රෝගීන් වෙත උපරිමයෙන් ලබාදීම සඳහා දැනට කොරෝනා ප්‍රතිකාර ඒකකයක් වශයෙන් යොදාගෙන ඇති වාට්ටු අංක 36 වෙත 2021/08/18 සි සති 4ක කාලයක් සඳහා අනියුක්ත කරමි” යැයි කරාපිටිය රෝහලේ අධ්‍යකෂ වෛද්‍ය ෂෙලටන් පෙරේරා මහතා යොමුකළ ලිපියේ දැක්වෙයි.

popular news
-
Deepal Nirosh Friday, 20 August 2021 11:43 AM
වැඩ තහනමකට ලක් නොවී අභ්‍යන්තර ස්ථාන මාරුවකින් නැවතුණා ඇති, දැන්වත් කට පරිස්සම් කරගෙන රාජකාරි කරන්න ඉගෙන ගනීවි නොවැ, මේක මුළු රාජ්‍ය සේවකයන්ටම ආදර්ශයක්.
Reply : 0 0
Kumar Friday, 20 August 2021 10:01 PM
Amerikawe whydya warayek covid waattuwaka saywaya kanawita covid asadawi suwa una wigasama nawatha jaya gosa madye ema waattuwe seweyata piminiya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

