කුරුණෑගල ව්‍යාපාරික ස්ථානයකින් ආසාදියන් 17ක්
කුරුණෑගල නගරයේ මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකට සම්බන්ධව පමණක් මේ වනවිට කොවඩ් ආසාදිතයන් 19ක් හඳුනාගෙන ඇති බව වාර්තාවේ.
ප්ලාස්ටික් තොග භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ මෙම ව්‍යාපාරික ස්ථානයේ සේවකයින් 17 දෙනෙකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මොවුන්ගෙන් 14 දෙනෙකු අකුරණ පදිංචිකරුවන් වන අතර අනෙක් අය කටුගස්තොට කුඩුගල, කුරුණෑගල තෝරයාය ගාල්ලේවත්ත සහ නිකවැරටිය පල්ලියවත්ත පදිංචිකරුවන් වෙති.
මෙම ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු ආසාදිත එක් සේවකයෙකුගේ බිරිඳ සහ දියණිය බවට හඳුනාගෙන ඇත.
popular news
-
ගජනායක Sunday, 15 November 2020 09:34 PM
කුරුණෑගල නගරාධිපති ඇතුළු පණ්ඩිතයෝ එකතු වෙලා සෞඛ්‍ය අංශ වලට බලපෑම් එල්ල කරලා බලෙන් වගේ කුරුණෑගල නගරය ගිය සතියේ ඇරගත්තේ. දැන් ඉතින් කාල වරෙන්. මේ 17 දෙනා බස් වල යන්න ඇති. නගරෙ කඩ වලින් කන්න ඇති, පාරේ කෙල ගහන්න ඇති, මහා වීදියේ පල්ලියට යන්න ඇති, ඔවුන්ගේ පදිංචිය ළඟ පාත නොවේ අකුරණ, නිකවැරටිය. මේක අලුත් පොකුරක් නේද. කොහොමද මේ අයවලුන් අනෙක් පොකුරු දෙකට එල්ලනේ? දීපන්කො උත්තර.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
