ක්‍රීඩා පාසල් 25 සංවර්ධනය කරනවා - නාමල්
“පාසල් ක්‍රීඩාව දියුණු කරන්න ඕනෑ. අපි ක්‍රීඩා කවුන්සිලය පත්කළා. ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා රටේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති, ක්‍රීඩා පනත සංශෝධනය කරන ගමන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රීඩා සැලැස්මක් රට තුළ නිර්මාණය කරන්න. මේ වන විටත් එහි වැඩ කටයුතු ක්‍රීඩා කවුන්සිලයෙන් ආරම්භ කර තිබෙනවා” යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී පැවැති ජනතා හමුවකින් පසුව මාධ්‍යවේදීන් විමසූ ගැටළුවලට පිළිතුරු දෙමිනි.
“මම බලාපොරොත්තු වෙන්නේ මුලින්ම ක්‍රීඩා පාසල් 25හි අඩුපාඩු හොයලා ඒ පාසල්වල දරුවන්ට හොඳින් ක්‍රීඩා කරගෙන යන්න පුළුවන් පරිසරය හදන්න. අපි කළ යුතු වන්නේ පාසල් ක්‍රීඩාව නංවන්න නම් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් වුණු පාසල්වල ක්‍රීඩා පහසුකම් දියුණු කර දෙන්න ඕනෑ.
ඉදිරි සතිය තුළ අධ්‍යාපන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කරලා ක්‍රීඩා පාසල්වල ක්‍රීඩාව නංවන්නත් ලබන වසර වන විට ග්‍රාමීය ක්‍රීඩා පිට්ටනි සංවර්ධනය කරන්නත් ගමේ පාසල්වල ක්‍රීඩා පිට්ටනි සංවර්ධනය කිරීමත් ආරම්භ කරනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

