ක්‍රීකට් ක්‍රීඩකයන් දාන්න මටත් අල්ලස් දෙන්න හැදුවා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ බවත් ඒ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බවත් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.
ඊයේ (17දා) බීබීසි සිංහල සේවය සමග ෆේස්බුක් සජීවී සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා. මේක මම ඊයේ (ජනවාරි 16) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා,
එතුමා ඔළුවේ අත තියා ගත්තා. මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න, මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා," අමාත්‍යවරයා කියා සිටියේය.

popular news
-
Sunanda Friday, 18 January 2019 12:56 PM
හරින් පුරන්දු ගේ බොරැව ගලවමු. නරකද බදුල්ලේ හොර සිගරට් වික˛ණන තැනක් පටන් ගත්තොත් එකොට කප්පම් ගන්නඕ නැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

