කොයිම්බතෝර් පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට
ඉන්දියාවේ කොයිම්බතොර්හි පන්සල් හා පල්ලිවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ථ සංවිධානයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය පසුගියදා කොයිම්බතෝර්හි කළ සෝදිසි මෙහෙයුම්වලට අදාළව තවදුරටත් කළ විමර්ශනවලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
මෙම සැකකරුවන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ මතවාද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට පරීක්ෂණවලදී හෙළිව තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් මොහොමඩ් හුසේන්, සහජාන් හා ෂෙයික් ශාෆියුල්ලාහ් යන අවුරුදු 26-38 අතර පසුවන්නෝ වෙති.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔවුන් අයි.එස්. මතවාදී අදහස් දෙමළ භාෂාවට පරිවර්තනය කර කොයිම්බතෝර් තරුණයන් වෙත ලබාදී ඔවුන්ව අයි.එස්. මතවාදයට නැඹුරු කර ගැනීමට කටයුතු කර ඇති බවටත් තහවුරු කරගෙන තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්රහාරයන් සිදුකළ ත්රස්තවාදීන් පිළිබඳව ඔවුහු දැඩි උන්නදුවකින් කථා කර ඇති බවටත් විමර්ශනවලදී හෙළිව තිබේ.
ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

