කුඹුරු සිතියම් කිරීම ගුවනින්
ගුවන් හමුදාවේ සහාය ඇතිව ගුවනින් ලබාගන්නා සිතියම් හා දත්ත මත ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ඒ වගා කෙරෙන කුඹුරු පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය සතු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොපමණ කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන්නේද යන්න පිළිබඳ නිවැරදි තොරතුරු රජයට අවශ්‍යව ඇති බැවිනි.
කුඹුරු වගා කෙරෙන ප්‍රමාණය හා දැනට පුරන්ව ඇති කුඹුරු ප්‍රමාණය මෙන්ම ඇතැම් පුද්ගලයන් විසින් නිතීවිරෝධීව ගොඩ කර ඇති කුඹුරු හේතුවෙන්ද වාර්ෂිකව රටට ලැබෙන වී අස්වැන්න පිළිබඳ පුරෝකථනය කිරීමේදී හා පොහොර සහනාධාර ලබාදීමේදී විවිධ ගැටලු උද්ගතව තිබේ.
එසේම අදාළ ඉඩම්වලින් බොහෝ ප්‍රමාණයක වර්තමානයේදී අතුරු වගාවන් ඇති කිරීම හා ඉඩම් ගොඩකිරීම් හේතුවෙන් වී වගා කිරීමක් සිදු නොවන බවටද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින දත්ත වසර කිහිපයකට පෙර ලබාගත් ඒවා වන අතර, ඒ අනුව යල කන්නයේදී වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ හතරහමාරක්ද, මාස් කන්නයේදී හෙක්ටයාර් හත්ලක්ෂ හතළිස් දහසක්ද වන බවට වාර්තා වේ. එසේම, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

