කිම් ජොන්ග් උනුත් ට්‍රම්ප්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ජනාධිපති ට්‍රම්ප්ට සුබ පැතුම් හා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්, කනගාටුව ප්‍රකාශ කිරීමේ පණිවුඩයක් යවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා මෙම පණිවුඩය යැවූ බව එරට කේ.සී.එන්.ඒ. රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
"හැකි ඉක්මණින් සුවය ලැබෙනු ඇතැයි තමා අවංකවම බලාපොරොත්තු වෙනවා. ඔවුන් නිසැකවම රෝගය ජය ගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා." කිම් පැවසීය.
එක්සත් ජනපදය ප්රමුඛ මිත්‍ර රටවල දැඩි සම්බාධක මධ්‍යයේ පවතින උතුරු කොරියාව වසංගතය අවස්ථාවේදී පවා සම්බාධකවල යම් ලිහිල් කිරීමක් ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. කෙසේ වෙතත් උතුරු කොරියාව වසංගතය හමුවේ වඩාත් හොඳින් එය පාලනය කළ රාජ්‍යයක් බවට මේ වනවිට පත්ව තිබීම විශේෂත්වයකි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                