සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබන 11 වනදා කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන විවෘත කිරීම සඳහා පියවර ගෙන ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා සඳහන් කළේය.
ඒ අනුව අත්‍යාවශ්‍ය වන සේවක කණ්ඩායම් පමණක් යොදා ගනිමින් සේවා ස්ථානවල කටයුතු ආරම්භ කරන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
එහිදී රැකියා ගැටළු සහිත කම්කරුවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර ආයතන විෂබීජහරණයට ලක් කර සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස කාර්ය මණ්ඩල වෙත උපදෙස් ලබා දි ඇත.
