කල්පිටියේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස ඉල්ලූ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කල්පිටිය පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් අද දිනයේදි හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.