ADA
www.ada.lk
2025 ජුලි මස 01 වන අඟහරුවාදා
නවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (06දා) විරෝධතාවක නිරත විය.
මෙම විරෝධතාවට සමගාමීව කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, පාගමන ඉදිරියට යෑම වැළැක්වීමට ලෝටර් මාර්ගයේදී පොලීසිය උත්සාහ දැරීය.
ඒ සඳහා පොලිස් කාන්තා බළඇණියක් යොදා ගත්තද, එම බළඇණියට විරෝධය දක්වා ඉදිරියට ගමන් කිරීමට ශිෂ්‍යයන් කටයුතු කළ අතර, කෙසේ වුවද, ඊට පිටුපසින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් පාගමන ඉදිරියට යෑමට නොහැකි විය.
අනතුරුව පාගමනින් පැමිණි පිරිස් එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කළහ.
විරෝධතාවේ නිරත ශිෂ්‍ය නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලයීය නියෝජිතයන් කටයුතු කළ අතර, අදාළ සාකච්ඡාවේදී පවතින තත්ත්වය පිළිබඳ ජනාධිපති කාර්යාලය නියෝජිතයන් දැනුවත් කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
මට අවුරුදු 61 යි, මම තවමත් ඉරිදා පත්තර වල මංගල යෝජනා බලනවා
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ලේකම්ට අධිකරණය දුන් නියෝගය මෙන්න
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
Champa Wednesday, 06 March 2019 11:01 PM
දැන් නම් සත්තුන්ගේ ගානට වැටිලා. කාන්තා පොලිස් නිලධාරීන් තල්ලු කරපු ගමන් අත් අඩංගුවට ගන්න තිබ්බේ. නවක වදය මරණ දඬුවම දිය යුතු වරදක් කරන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් නවක වදය නිසා දිවි නසා ගත්තු, රෝගී වුනු, අබාධිත තත්වයට පත් වුනු දහස් ගානක් ඉන්න නිසා. තව ගෑනු ළමයි නවක වදය නිසාම, තේරුනත් විශ්ව විද්‍යාල වලට යන්නේ නැහැ. දෙන්න එපා කිසි බුරුලක් නවක වදය දීල අහු වෙච්ච මානසික ලෙඩ්ඩුන්ට.
Reply : 38 103
casmir Friday, 08 March 2019 08:01 PM
ජ්ව්ප් එකේ දේශපාලනයට මම ගරු කරනවා . නවකවදයට සහ අද්ය්පංයට කරන අපරාදය සමව දිය නොහැකි වරදක් ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd