කැනඩාවේ කොවිඩ් එන්නත ප්‍රථම සායනික අත්හදා බැලීම
කැනඩාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් කොවිඩ්-19 එන්නතක් සඳහා වන ප්‍රථම සායනික අත්හදා බැලීම අනුමත කර ඇති බව අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි.
"කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලය නිෂ්පාදකයන් සමග කටයුතු කරනු ඇති. එබැවින් මේ එන්නත් අත්හදා බැලීම් සාර්ථක වුවහොත් අපට එය නිෂ්පාදනය කර බෙදා හැරිය හැකියි" යනුවෙන් ටෘඩෝ ඊයේ (16දා) වාර්තාකරුවන්ට පැවසීය.
"මෙය දිරිගන්වන ප්‍රවෘත්තියක්"යැයි ඔහු තවදුරටත් පැවසීය.
එන්නත නිපදවිය හැකි ස්ථානය ගැන ටෘඩෝ වැඩිදුරටත් සඳහන් කිරීමක් නොකළත්, කැනඩාවේ ජාතික පර්යේෂණ සභාව මේ සතිය මුලදී නිවේදනය කළේ චීනය පදනම් කරගත් කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි.
එම සමාගමේ එන්නත් සංවර්ධනය සඳහා වූ ප්රයත්නයට චීන රජයේ සහාය හා අරමුදල් සපයයි.
පසුගිය සිකුරාදා වනවිට ලොව පුරා අවම වශයෙන් කොවිඩ් -19 එන්නත් 118ක් සංවර්ධනය වෙමින් ඇති නමුත්, සායනික අත්හදා බැලීම්වල ඇත්තේ අටක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                