ඊජීප්තු පාර්ලිමේන්තුව කළ විශේෂ ආරාධනාවකට අනුව කථානායකවරයාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිතයන් 12 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (23දා) කයිරෝ නුවර බලා පිටත් ගොස් තිබේ.
මෙහිදී දෙරට අතර අන්තර් පාර්ලිමේන්තු සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේහි කථානායකවරු දෙපළ සහ පාර්ලිමේන්තු නියෝජිතයන් සහභාගි වන සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ කථානායකවරයා සහ ඊජිප්තු අග්‍රාමාත්‍ය මුස්තාපා මැග්බූලී(Dr.Moustafa Madbouly) අතර මෙන්ම ඊජිප්තුවේ ප්රමුඛ පෙළේ ඇමතිවරු ගණනාවක් සමඟද ද්වීපාර්ෂික සාකච්ඡා පැවිත්වීමට නියමිතය.
මෙම සංචාරය සඳහා කථානායක කරු ජයසුරිය, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ජාතික සමගිය හා සහජීවනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන , අනුර සිඩ්නි ජයරත්න, හෙක්ටර් අප්පුහාමී, අරවින්ද කුමාර, එම්.අයි.එම්. මන්සූර් සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවෙල යන මහත්වරු එක්ව සිටිති.
