කථානායකවරයාගෙන් සියලු පාර්ශව වෙත ලිපියක්
අද (6) කථානායක කරු ජයසුරිය මහතා විශේෂ ලිපියක් යොමු කරමින් රටේ පවතින තත්ත්වයන් පිළිබඳව මෙසේ කරුණු දැක්විමක් දක්වා තිබුණි.
ඉතාමත් විනයගරුකව සහ කාර්යක්ෂමව කටයුතු කරමින් මාතෘභූමිය වෙනුවෙන් ස්වකීය යුතුකම් ඉටුකළ කෙටිකලක් තුළ ත්‍රස්තවාදී තර්ජන බිදහෙළිමට කැපවූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සේවාවන්, බුද්ධි අංශ ඇතුළු සමස්ත නිළධාරීනට මාගේ ගෞරවප්‍රණාමය පුද කරමි.
එමෙන්ම විපතට පත් වූවන් වෙනුවෙන් පූර්ණ ලෙස කැපවෙමින් අතිවිශිෂ්ඨ සේවාවක් ඉටුකළ සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවයද ගෞරවයෙන් සිහිපත් කරමි.
මේ වනවිට පාස්කු ඉරුදින ප්‍රහාරයේ කම්පනය පහව යමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් සුපුරුදු මට්ටමට ළඟා වෙමින් පවතී.
නමුත් අද දින පාසල් ළමුන්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව පෙනී යන අතර බොහෝ දුරට අනියත බිය මෙම තත්ත්වයට හේතු වී ඇති බව පැහැදිලිය.රට තුළ ආරක්ෂක අංශ හා බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කරමින් අඛණ්ඩ ක්‍රියාවලියක් සිදු විය යුතු අතර ඉදිරි අභියෝග සඳහා ප්‍රාණවත් සමාජයක් ලෙස ශක්තිමත්ව මුහුණ දිය යුතුව තිබේ.
එසේ හෙයින් ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් එදිනෙදා කටයුතු යථා පරිදි ඉටු කිරීම රටේ ආර්ථිකයට, සුරක්ෂිතභාවයට මෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපනයටද, අතිශයින් වැදගත් බව මාගේ විශ්වාසයයි.
එම විශ්වාසය තහවුරු කරනු වස් සමාජය කළඹවන සුළු කටකතා සහ වෙනත් අසත්‍ය ප්‍රචාර යටපත් කොට සත්‍ය දැනගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් සෘජුවම වගකීම දරන තොරතුරු අනාවරණයක් නිතිපතාම සිදුවිය යුතු බව අවධාරණය කරමි.
විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ලෝකයේ පිළිගත් සම්ප්රදාය අනුව ඊට අදාළ නිත්‍ය රේඛීය අමාත්‍යංශයක් යටතට පත්කීරිම තුළින් වඩාත් වගකිවයුතු තත්වයකට පත්කළ හැකි බවද බොහෝදෙනාගේ විශ්වාසයයි.
එමෙන්ම රජයක් ලෙස තීරණාත්මක කරුණුවලට අදාළව ජනාධිපතිතුමන්, සහ අගමැතිතුමන් එකඟත්වයෙන් යුක්තව ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කිරිම ජනතාව තුළ ඇති අවිනිශ්චිතභාවය දුරලීමට මහෝපකාරී වනු ඇත.
ගෙවීගිය සති දෙක තුළ මා හමුවූ සර්ව ආගමිකනායකයන්, දේශීය ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිකයන්, විවිධ මට්ටමේ ජන කණ්ඩායම් දක්වන ලද අදහස් පදනම් කරගනිමින් මෙම කරුණු පෙන්වා දෙනුයේ ඉතාමත්ම සද්භාවයෙනි.
ගෙවුණු සති දෙක තුළ සෑම ආගමකම පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා විශේෂයෙන්ම අගරදගුරුතුමන් ප්‍රධාන කතෝලික ආගමික නායකයන් ආත්ම සංගමයෙන් හා වගකීමෙන් යුක්තව කටයුතු කළ ආකාරය ආදර්ශයට ගනිමින් පටු වාදභේද පසෙකලා මාතෘභූමිය වෙනුවෙන් පොදු ජාතික න්යායපත්රයක පිහිටා කටයුතු කරන ලෙස සියලු දේශපාලන නායකයන්ගෙන් ආයාචනා කරමි.

popular news
-
anon69 Tuesday, 07 May 2019 01:44 AM
ඔබ තුමා අපේ රටේ Janadhipathy වෙන්න.
Reply : 28 10
Champa Tuesday, 07 May 2019 11:01 AM
ඔක්කොම දැන් ඉවරයි. යූඑන්පී එකේ ජනාධිපති අපේක්ෂකයෙක්ට චන්දෙ දෙන්න මිනිස්සුන්ට ලොකු මොලේ අමරුවත් තියෙන්න ඕනේ.
Reply : 0 0
Champa Tuesday, 07 May 2019 10:08 AM
සද් භාවයෙන් අහන්නේ. කථානායකතුමා දැනගෙන හිටියද මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන? ජනාධිපති අගැමති සහ මැති ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොම දැනන් හිටපු දේ කතානායක තුමා දැනන් හිටියද නැත්ද? ආණ්ඩුව දන දැනම මෙහම මිනිස්සු මැරෙන්න ඇරියේ ඇයි? පටු වාද භේද පසෙකලා කතාවට හිනා ගියා. මෙතන තියෙන්නේ පටු වාද භේදයක් නෙමෙයි. ලක්ෂ ගණන් මිනිස් ජීවිත පිලිබඳ ප්‍රශ්නයක්. මිනිමරුවන්ගේ ආණ්ඩුව ගෙදර යනකම් මිනිස්සුන්ට මේ අනාරක්ෂිත භාවයෙන් මිදෙන්න බැරිවෙයි.
Reply : 23 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

