කුණු ඇඳුම් ජනතාව ඉදිරියේ සෝදන්න එපා - මහේලගෙන් සැර පිළිතුරක්
කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලීනව සිදුවූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ හෑඟීම්බරව ගන්නා තීරණ හැම අවස්ථාවකදීම නිවැරදි නොවන බවයි.
හොඳම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා හොඳම දේ කුමක්දැයි යන්න සිතීම බවත් හැඟීම්බර නොවී තීරණ ගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

popular news
-
Champa Wednesday, 26 September 2018 06:36 PM
කකුලුවත් ඇදේට ගිහින් පැටවුන්ට කෙලින් යන්න කියනවලු. කවුද ඉස්සෙල්ලම ඕක කරන්න පටන් ගත්තේ හෙවත් ඔය වැරදි ආදර්ශේ ක්‍රීඩකයන්ට දුන්නේ? සංගක්කාර 2011 දී ලංකාවේදීත් නෙමෙයි එංගලන්තෙට ගිහින් ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරලා රටේ ගරුත්වය අභිමානය ගැන කිසිම තැකීමක් කරන්නේ නැතුව රටට එරෙහිව ඉතාම නින්දා සහගත කතාවක් කළා. හානි කරන්න ඕනේ වුනේ මහින්දට. හැබැයි හානිය වුනේ ලංකාවේ නමට. එදා සංගක්කාර කියපුවට සුද්දෝ හරි සතුටු වුනා. ලංකාව හෑල්ලුවට ලක් කරන ලංකාවේ කළු සුද්දන්ට සුද්දෝ සම්මාන දෙනවා. ලොකු පිළිගැනීමක් දෙනවා. හැබැයි ලංකාවට ක්‍රිකට් උගන්නපු සුද්දෝ කවදාවත් තමන්ගේ රටට එරෙහිව කතා කරන්නේ නැහැ. 2015මේ ආණ්ඩුව ආපු ගමන් සංගක්කරයි මහෙලයි Enrique Iglesias ව ලංකාවට ගෙනල්ල මත්ද්‍රව්‍ය අරගත්ත ළමයින්ගේ ඔලු නරක් කරලා එක්කෙනෙක් bra එකක් වීසි කළා තව එක්කෙනෙක් මිනිහගේ ඇඟට පැන්න. Enrique ගේ මූණෙන් ඉරියව් වලින් පෙනුනේ අඩු ගානේ එයාවත් ශ්‍රී ලංකාවේ ගෑනු ළමයි මේ වගේ දේවල් කරයි හිතුවේ නැති පාටක්. මෙහෙම තමයි ඕගොල්ලෝ ආදර්ශයක් දුන්නේ. අද team එක මොන තරම් විනය විරෝධී වැඩ කරලා තියෙනවද? ලැජ්ජයි. ඕගොල්ලෝ තමයි ඕක පටන් ගත්තේ.
Reply : 1 478
Duminda Boteju Saturday, 29 September 2018 01:57 PM
පට්ට ඇත්ත
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

