කඩුවකින් පහර දුන්නැයි සැකපිට පොදුජන පෙරමුණේ නාගරික මන්ත්රීවරයෙකු අත්අඩංගුවට
පවුල් ආරවුලක් මුල් කරගෙන පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතළ තුවාල සිදුකරේ යැයි කියන දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකු කඩුවක්ද සමග සැකපිට අද (05) දින අලුයම අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල පොහොරන්වැව වසමේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්රී අනුර බණ්ඩාර යන අය බව පොලීසිය කියයි .
නාගරික මන්ත්රීවරයාගේ කඩු පහරට ලක්ව තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්රතිකාර ලබනුයේ ජලාශ පාර ප්රදේශයේ පදිංචි නලින් ජයරත්න පෙරේරා (35) යන අය බව දඹුල්ල මුලස්ථාන පොලී සිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්රීවරයා අද දින උදේ අලුයම තුවාල ලබා සිටින පුද්ගලයාගේ ව්යාපාරික ස්ථානයට ගොස් කඩුවකින් පහර දී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
මෙම පහර දීමට හේතුව දෙපිරිස අතර පැවති පවුල් ආරවුලක් මුල් කරගෙන බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි. එදිරිසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
