කොටි සංවිධානයේ නිලනාමය ඇතුලත් ජී.පී.එස්. යන්ත්‍රයක් හමුවෙයි
- 31 10 2019
- 12:35
- {{hitsCtrl.values.hits}} views
- වව්නියාව මධුශංක අමරසිංහ
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කරන බවට සැකකෙරෙන එම සංවිධානයේ නිලනාමය ඇතුලත් ජ.පී.එස්. යන්ත්‍රයක් ඊයේ (30) සවස මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියෙකුට හමු වී ඇත.
කොටි සංවිධානයේ නිල නාමය වූ ත.වී.පූ. (තමිල් විඩුදලෙයි පුලිකල්) 055 නැමති අංකය දරන අදාළ ජී.පී.එස්.යන්ත්‍රය මුල්ලි වයික්කාල්හි නැවත පදිංචි වැසියෙකු විසින් සිය ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදී අඩියක් පමණ ගැඹුරින් වළදමා තිබියදී හමු වී ඇත.
අනතුරුව අදාළවැසියා විසින් ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇති අතර අවසන් යුද සමයේදී කොටි සංවිධානයේ සාමාජිකයෙකු විසින් මෙම ජී.පී.එස්. යන්ත්‍රය සඟවන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය සැක පළ කර සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
