කටුනායක ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයන් 42ක්
කටුනායක ප්‍රදේශයේ 06/12 දින කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
ඒ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන 27 දෙනෙකු 06/12 දින කොරෝනා වෛරසයට ගොදුරු වී සිටිති .
ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 69 ක සේවය කරන සේවකයින් 2,467 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .
එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද 06/12 දින තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු සොයාගෙන තිබේ .
ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,733 දෙනෙකු වාර්තා වී තිබේ .
එසේම 06/12 දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් වාර්තා වී ඇති සියලුම කොරෝනා ආසාදිතයන් , නීරෝධායන ක්‍රියාවලිය සදහා සීදුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ පිහිටුවා ඇති අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
-
wishwacom Saturday, 12 June 2021 07:07 PM
අකමැතෙන් උනත් කියන්න වෙනවා ඇඟලුම් කර්මාන්ත ශාලා සහ වෙනත් විශාල පිරිස් රැස්වෙන වායුසමනය කරන ලද කර්මාන්ත ශාලා තව දුරටත් පවතවා ගෙන ගියොත් රටේ මේ lockdown එක නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා ....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

