කටානේ පාසලකට ඇතුළු විමට උත්සාහ දැරු විදෙස් මාධ්‍යවේදියා රිමාණ්ඩ්
කටාන පිහිටි විදුහලකට අනවසරයෙන් ඇතුල් විමට උත්සාහ දෑරු රොයිටර් පුවත් සේවයේ ඉන්දිය ජාතික ඡායාරූප ශිල්පියෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම විදුහලේ විදුහල්පතිවරයා කටාන පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (2) දහවල් 12.30ට පමණ රොයිටර් පුවත්පතේ ඡායාරූප ශිල්පි සිද්දියැයි අහමඩ් ඩැගිෂ් නැමැති ඡායාරූප ශිල්පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 15 වනදා දක්වා බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

popular news
-
Champa Friday, 03 May 2019 01:47 PM
නියමයි.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

