කටාන කොල්ලයට පැමිණ ඇත්තේ ඇමති අරක්ෂකයන් ලෙසින්
ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් ලෙස වෙස් වලාගෙන කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට අද (30දා) ගිනි අවිවලින් සන්නද්ධව කඩාවැදුණු පුද්ගලයන් හත් දෙනෙකු යුත් කණ්ඩායමක් රුපියල් කෝටි තුනකට අධික මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි කටාන පොලීසිය කියයි.
මෝටර් රථයකින් හා යතුරු පැදියකින් පැමිණ තිබූ මෙම පිරිස ආරක්ෂක හිස්වැසුම්, අත් වැසුම් හා මුඛ ආවරණ ද පැළඳ ටී 56 ගිනි අවියක්, පිස්තෝලයක් හා රිවෝල්වරයකින් සන්නද්ධව සිට ඇතැයි පොලීසිය කියයි.
පෙරවරු නමයට පමණ ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසට ඇතුළු මෙම කොල්ල කල්ලිය ව්‍යාපාරිකයා, බිරිඳ ,දරුවන් ,සේවිකාවක් ,හා මුරකරු ද නිවසේ සාලයේ පුටුවල හිඳුවා මරණීය තර්ජනය කර නිවසේ අල්මාරි වල බහා තිබූ මුදල් කොල්ල කා ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවසීය.
පැමිණි කොල්ලකරුවන් සුදු කමිස සහ කළු කලිසම් වලින් සැරසී සිට ඇති අතර කීපදෙනකු කලු පාට ජැකට් හැඳ සිටි බව නිවැසියන් පොලීසියට ලබාදුන් ප්‍රකාශවල සඳහන් වේ.
ව්‍යාපාර කීපයක හිමිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ විවිධ තැන් වල තබා තිබූ මුදල් කොල්ලකරුවන් සිය භාරයට ගෙන විනාඩි හතළිහක් පමණ නිවස තුළ රැඳී සිට පළාගොස් තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
අදාළ කොල්ලය නිවසේ සවි කර තිබූ සවිකර තිබෙන සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. සිදු වූ කොල්ලය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය .
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ
popular news
-
Kumar Wednesday, 30 September 2020 09:31 PM
I am surprised that anybody keeps that kind of money at home unless it is black money. I wonder what kind of business this person is in.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

