තමිල්නාඩු ජනතාවගේ මෙන්ම ඉන්දීය ධීවරයින්ගේ හැගීම් පිළිබඳව අවධානය යොමු කරමින්, 1974දී අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හිමිවූ කච්චතිවු දූපත පිළිබඳව නැවත සලකා බැලීමක් අත්‍යාවශ්‍ය බව ඉන්දීය නාවික අමාත්‍ය ජී.කේ. වාසන් පවසයි.
කෙසේ නමුත් මේපිළිබඳව වාර්තා කරන බොහෝ ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉදිරි ඉන්දීය මහ මැතිවරණයේදී තමිල්නාඩු ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීම සඳහා නැවතවරක් කච්චතිවු දූපත පිළිබඳව කතිකාවතක් පැන නැගී ඇති බවයි.
කච්චතිවු දූපත පවරාගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයෙන් මීට ඉහතදී තමිල්නාඩුව කළ ඉල්ලීම ඉවත දමමින් මධ්‍යම රජය සඳහන් කළේ කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට හිමි බවත් එය නැවතත් පවරාගැනීමට කටයුතු කළ නොහැකිබවත්ය.