වෙසක් පොහෝ දිනට සමගාමී ව කෑගල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ අද (07දා) උදෑසන නිදහස් කරනු ලැබීය.
මෙසේ නිදහස් කරනු ලැබූ පුද්ගලයින් අතර කෑගල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු හා කුරුණෑගල ප්රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
මොවුන් සුළු වැරදි හා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි ව සිටි පුද්ගලයින් බව කෑගල්ල බන්ධනාගාර ප්රධාන ජේලර් සුසිල් රංජිත් මහතා පැවසීය.
