කංජිපානි ඉම්රාන්ගේ පියාට පහර දුන් පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
බන්ධනාගාර ගතකර සිටින කර සිටින පාතාල නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්ත ප්‍රදේශයේ තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් ත්‍රීරෝද රථයක් සහ තියුණු ආයුධ සමග ඊයේ 18 අත්අඩංගුවට බව පොලිසිය කියයි .
කොළඹ අපරාධ කොට්ඨාසය සහ මාලිගාවත්ත පොලිසිය එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් මට්ටක්කුලිය සහ කාක දූපත ප්‍රදේශ වල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඉන්දියාවේ සැගවී සිටින පූ කුඩු කන්නා නැමැත්තාගේ පියාව මීට වසර කීපයකට පෙර කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස පූ කුඩු කන්නා විසින් ඉන්දියාවේ සිට නවීන තක්ෂණ ඔස්සේ මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
අත්අඩංගුවට සැකකරුවන්ගෙන් පැය 48 ක රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය කියයි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

