බන්ධනාගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදුකළ සිද්ධියට අවශ්‍යව සිටි අවසන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අපරාදය සිදුකොට පළා ගොස් මට්ටක්කුලිය, සත්හිරු සෙවන නිවාස සංකීර්ණයේ නිවසක සිටියදී මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මිට පෙර තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
