ඖෂධ 48ක මිල පාලනයෙන් ජනතාවට බිලියන 4.4ක ලාභයක්
වෛද්‍ය විගණනයට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පාලනය කිරීම තුළින් ජනතාවට රුපියල් බිලියන 4.4ක ලාභයක් ලැබී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.
හෙතෙම මේ බව පෙන්වා දුන්නේ කෑගල්ල මහ රෝහලේ ඉදිකරන ලද මානසික රෝග ප්‍රතිකාර ඒකකය සහ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.
රජයේ රෝහල්වල නොමිලේ සිදු කරන සැත්කම් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ,මුදල් ලබාගැනීමේ අරමුණින් පෞද්ගලික අංශයෙන් රැගෙන එන ලෙසට ඇතැම් වෛද්‍යවරුන් ප්‍රකාශ කරන බවත්, ඒ අනුව උපකරණ ලබාගැනීම සඳහා බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙසට රෝගියෙකුගෙන් ඉල්ලා ඇති කුරුණෑගල රෝහලේ වෛද්යවරයෙකුපිළිබඳ තමන් වෙත වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ මානසික සෞඛ්‍ය සේවාව විධිමත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර, ඒ සදහා සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වෛද්‍යවරුන් බිහි කිරීම වැඩි කිරීමටද පියවර ගෙන ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

