මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නංවමින් නවීන පහසුකම්වලින් යුත් ඖෂධ ප්‍රවාහන ලොරි නවයක් දිස්ත්‍රික් නවයක් වෙත ලබාදීම සිදු කෙරුණා.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම ලොරි රථ නිල වශයෙන් ලබාදීම සිදු කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දී යි.
ඖෂධ ප්‍රවාහනය සදහා විශේෂයෙන්ම සකස් කර ඇති මෙම ලොරි රථයක වටිනාකම රුපියල් ලක්ෂ 105 ක් පමණ වනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 945 ක් වැය කරමින් මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය දායකත්වය ලබා දුන්නේ ආසියා සංවර්ධන බැංකුවයි.
ඒ අනුව අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ මොණරාගල යන ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල වෙත ලොරි රථ ලබා දීමට පියවර ගැණුනා.