ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිගේ දුෂණ වංචා සොයන්න විශේෂ කොමිටියක්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා ඖෂධ ගෙන්විමේ දි හා බෙදාහැරිමේ දි සිදු කොට ඇති දුෂණ, වංචා, මුල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගතවිමට උත්සාහ දැරිම පිළිබදව මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ දැඩි අවධානය යොමුව ඇත.
ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා පිළිබද තමා දැඩි අවධානයෙන් සිටින බවත්, පරික්ෂණ කටයුතු අවසන් වන තෙක් කිසිවිටෙකත් මොහුට රට හැර පළා යාමට ඉඩ නොතබන බවත් ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරිමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය පැවැසිය.
එමෙන්ම මොහු විසින් ඖෂධ ගෙන්විමේදි සහ බෙදාහැරීමේ දි සිදු කොට ඇති බවට පැවැසෙන දූෂණ, වංචා, මූල්‍ය අවභාවිතයන් පිළිබඳ සොයා බැලිම සදහා විශේෂ විමර්ශන කොමිටියක් පත් කරන ලෙස තමන් අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දුන් බවත් ඊට අදාළ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව ද අවධාරණය කළේය.
තව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් ඖෂධ ගෙන්විමේදි හා බෙදාහැරීමේ දි සිදු කොට ඇති දුෂණ, වංචා ඇතුළු මූල්‍ය අවභාවිතාවන් පිළිබඳ තොරතුරු දන්නා අය වෙතොත් තමා වෙත පෞද්ගලිකව හෝ අමාත්‍යාංශය මගින් පිහිටුවිමට පියවර ගෙන ඇති විශේෂ විමර්ශන කොමිටිය වෙත ලිඛිතව හෝ වාචිකව නොපමාව දැනුම් දෙන ලෙස ද අමාත්‍යතුමිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

popular news
-
Champa Wednesday, 27 November 2019 05:04 PM
හයියෝ අවුරුදු 5ක් තිස්සේ කොමිටි ගැන නම් අහල අහල දැන් ඔක්කාරෙට එනව. ඇමතිතුමියගේ "දැඩි අවධානය" යොමු වුනාලු මේකට. පෞද්ගලිකවත් ඔත්තු දෙන්නලු. "හොරු රට පනිනෝ ඒ හින්ද ඉක්මනට අල්ලනෝ" මන්තරේ කියා කියා ඉන්නද හදන්නේ? අනික දැඩි අවධානය යොමු වෙන්න තව මොන තරම් දේවල් තියෙනවාද? අනුන්ගේ වැරදි හොයන්න ඉස්සෙල්ල තමන් මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් කරන්න යන්නේ මොනවාද කියල කියන්න. ප්‍රතිශක්තිකරණය විධිමත් කරන්න. ප්‍රතිශක්තිකරණය නිසා ලෝකයේ හුඟක් මිනිස්සුන්ගේ ජීවිත බේරිලා තියෙනවා. පහුගිය අවුරුදු 20 ඇතුලත වැඩිපුරම මිනිස්සු මැරිලා තියෙන, විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන් මැරිලා තියෙන රෝග මොනවාද කියල වාර්තාවක් ගන්න. ඊට පස්සේ ඒ රෝග වලක්වා ගැනීම වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද කියල බලන්න. ඒවායේ අඩුපාඩු බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

