දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ.
මේ අතර ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දීමට සූදානම් බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.