ඔස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
- 21 08 2020
- 17:27
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මෙල්බර්න් නුවර සිට 8/21 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් මෙම ගුවන් යානයෙන් පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් සවස 3.35 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
