ඔස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණ රැල්ලක්
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ අගුලු දැමීමට විරෝධය පළ කරමින් වික්ටෝරියාවේ ප්‍රාන්තයේ උද්ඝෝෂණ සැලසුම් කිරීමත් සමග, මෙම පෙළපාලිවලින් වැළකී සිටින ලෙස එම ප්‍රාන්තයේ පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 දෙවැනි රැල්ලක් ආරම්භ වීමත් සමග ආසාදන හා මරණ විශාල වශයෙන් අඩු කිරීමේ උත්සාහයක් ලෙස රාත්‍රී ඇඳිරි නීතිය ඇතුළු මෙල්බර්න් අගුලු දැමීම් ක්‍රියාත්මක විය.
මෙල්බර්න්හි ස්ථාන කිහිපයක් සඳහා සැලසුම් කර ඇති ඊනියා නිදහස් දිනය ලෙස සැලකුණු විරෝධතා සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙම උද්ඝෝෂණයන්ට ජනතාව පෙළඹවීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබේ.
වික්ටෝරියා අගුලු දැමීමේ නීති ක්‍රියාත්මක කරන බැවින් රැලිවලට සහභාගී වීමට එරෙහිව 80 දෙනෙකුට පමණ පොලීසිය දැනටවත් අනතුරු අඟවා තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයන් ක්‍රමයෙන් අඩු කරගෙන පැමිණෙන මොහොතක මෙම විරෝධතා සංවිධානය වීම කනගාටුදායක තත්ත්වයක් බව කියැවෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                