ඔස්ට්‍රේලියාවට ගිය 13ක් ආපසු එවති
- 16 08 2019
- 10:41
- {{hitsCtrl.values.hits}} views
- ..
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද (16දා) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබුණි.
මෙම සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර, ඔවුන් හලාවත ප්‍රදේශයෙන්, බහු දින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාව වෙත ගොස් තිබේ.
ඔවුන් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ එවා තිබුණි.
මේ වනවිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.
ටී.කේ.ජී. කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
