ඔර්නබ් සුළි කුණාටුව දිවයිනේ කාලගුණ තත්ත්වයට කරන බලපෑම හෙට දිනයේ සිට ක්රමයෙන් අඩුවෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් හෙට දිනයේදි බස්නාහිර, සබරගමුව පළාත් හා මහනුවර, නුවරඑලිය, ගාල්ල හා මාතර දිස්ත්රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ඌව පළාතෙත්, මඩකලපුව හා අම්පාර දිස්ත්රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.