ඔටිසම් දරුවාට පහර දීමක් සිදුවී නැහැ - පොලිසිය
අලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාර්ග බාධකය අසලදී ඇතිවූ සිද්ධියේදී පොලිසිය විසින් මන්ද මානසික දරුවා මෙල්ලකර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති නමුත් පහරදීමක් සිදුකර ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටියි.
අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි මාර්ග බාධකයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ කාන්තා හා ළමා කාර්යාංශයේ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධියට මුහුණ දුන් ළමයාගේ පියාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අවුරුදු 16 ක් වූ ළමයාව කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට සහ මානසික වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කොට ඇති බවත් මේ දක්වා එම වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටියි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එම දිසාව භාර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ එම සිදුවීම වූ අවස්ථාවේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් වෙතින් යම් රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇත්ද යන්න සොයා බැලීමට අභ්‍යන්තර විමර්ෂණයක් ආරම්භ කොට ඇත.

popular news
-
Kumar Friday, 05 June 2020 11:03 PM
ඒ කියන්නේ CCTV දර්ශන අසත්‍යක් කියලද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

